මේ සතියේ දේශපාලන කරළිය කැළඹී ගියේ පසුගිය බදාදා ජනාධිපතිවරයා විසින් රණවිරැ ඉඩම් ප්‍රදාන උළෙලේදී කළ සැර කතාව නිසාය. කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී අමාත්‍ය දයා ගමගේ ඇතුළු මැති ඇමැතිවරැන් හා හමුදා පොලිස් ප්‍රධානීන් ඉදිරියේදී ජනාධිපතිවරයා ආරක්ෂක අංශයේ සමහර ආයතන කරන ක්‍රියාකාරකම් තරයේ විවේචනය කළේය. එෆ්.සී.අයි.ඩී. ආයතනය හා ඇතැම් ස්වාධීන කොමිෂන් සභා රජයේ ප්‍රතිපත්තිවලට පටහැනිව ක්‍රියා කරන බවට ජනාධිපතිවරයා චෝදනා නැගීය.
මෙම ආයතන මේ ආකාරයට දිගින් දිගටම ක්‍රියා කරන්නේ නම් ඒ ආයතන ගැන තමන්ට ඉදිරි කාලයේ දැඩි පියවරක් ගන්නට සිදුවනු ඇති වගට හෙතෙම අනතුරැ ඇඟවීය. තමන් අදහස් කරන යහපාලනය මෙය නොවන බව කී ජනාධිපතිවරයා තමන් ගිය අමාත්‍ය මණ්ඩල රුස්වීමෙන් පසුව පැවැති විශේෂ හමුවකදී අගමැති ඇතුළු ආණ්ඩුවේ ප්‍රධානීන්ට මේ ගැන දීර්ඝව කරැණු දැක්වූ වගද ප්‍රකාශ කළේය.
ජනපතිවරයාගේ මෙම බරපතළ ප්‍රකාශය සඳහා පසුබිම සැකසුණේ පසුගිය සති දෙක තුළ පෙළගැසුණු සිදුවීම් කිහිපයකිනි. එහි පසුබිම් කතාව අප දන්නා පරිදි මෙසේය.
ඔහු සඳහන් කළ ඇවන්ගාර්ඩ් සිද්ධිය මත ගෝඨාභය රාජපක්ෂ හා නාවික හමුදාවේ හිටපු හමුදාපතිවරැන් තිදෙනකු කූඩු කිරීමට පෙර එක්තරා ස්වාධීන කොමිසමක ජ්‍යෙෂ්ඨ නිලයක් දරන කෙනකු ජනපතිවරයා මුණගැසී මේ සිද්ධිය ගැන කරැණු කී විට ජනපතිවරයා උපදෙස් දුන්නේ පරීක්ෂණ හරියාකාරව සිදුකොට සාක්ෂි සියල්ල නිවැරදිව තහවුරැ කරගන්නේ නැතිව කිසිදු ඉදිරි ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙසය. මේ බව ජනපතිවරයා සිය සමීපතම ඇමැති පිරිසක් සමඟද ප්‍රකාශ කර තිබිණි. කෙසේ හෝ ඒ උපදෙසට පිටින් ක්‍රියා කළා යැයි කියන අදාළ කොමිෂන් සභාවේ ඇතැමුන් ජනාධිපතිවරයාගේ උපදෙසින් මේ සියල්ල සිදුවන බව අඟවමින් නීති කටයුතු ඉදිරියට ගෙන ගිය බවට ජනපතිවරයාට රහස්‍ය වාර්තාවක් ලැබී තිබිණි. ඒ ගැන ශ්‍රී.ල.නි.ප. ජ්‍යෙෂ්ඨ ඇමැතිවරැන් ගණනාවක්ද ජනපතිවරයාට සිය කනස්සල්ල පළකොට දැනුම්වත් කිරීම් කර තිබිණි.
ඒ අතර එෆ්.සී.අයි.ඩිය ශ්‍රී.ල.නි.පයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් වන අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි සහ ප්‍රියංකර ජයරත්න යන මහත්වරැන්ගෙන් වාහන භාවිතාවේදී වරදක් කර ඇතැයි ප්‍රශ්න කිරීම ගැනද ශ්‍රී.ල.නි.ප ජ්‍යෙෂ්ඨයන් සිය අසතුට පළ කළෝය. මේ ගැන පසුගිය අමාත්‍ය මණ්ඩල රුස්වීමේදී අගමැති ඇතුළු ඇමැතිවරැන් හමුවේ කරැණු කී ජනාධිපතිවරයා වාහන භාවිතය ගැන ප්‍රශ්න කරන්නේ නම් මේ දෙදෙනා පමණක් නොව කැබිනට්ටුවේ හුඟදෙනකුගෙන් ප්‍රශ්න කළ යුතුව ඇතැයි කීය. තමාගෙන් වුවද ඒ ගැන ප්‍රශ්න කළ හැකි යැයිද ඔහු කීවේ අසතුටිනි.
මෙය ශ්‍රී.ල.නි.පයේ අවුල් ඇතිකිරීමට දේශපාලන න්‍යාය පත්‍ර අනුව වැඩ කරන ඇතැම් පිරිස් දරන උත්සාහයක් යැයි ජනපතිවරයා කරැණු දක්වා ඇත. ඊට පෙර සතියේ පැවති රජයේ ආරක්ෂක මණ්ඩලයේදීද මේ ප්‍රශ්නය ගැන ජනාධිපතිවරයා පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ ආරක්ෂක ප්‍රධානීන්ගෙන් ප්‍රශ්න කර තිබිණි. හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ නාවික හමුදාපතිවරැන්ට මේ ආකාරයට සැලකීමෙන් තමන් දෝෂාරෝපණයට ලක්ව ඇතැයි ඔහු පවසද්දී පොලිස්පතිවරයා එක්තරා කොමිසමක නම සඳහන් කර එය ඔවුන්ගේ වැඩක් මිස තමන්ගේ කටයුත්තක් නොවන බව කීවේ යැයි පැවසිණි. ආරක්ෂක ලේකම් කරැණාසේන හෙට්ටිආරච්චිද එහිදී කියා තිබුණේ මේ ආකාරයට වැඩ සිදුවන විට තමන්ද කිසියම් සතෙකුගේ ගණනට (එම සතාගේ නමද සඳහන් කර) වැටෙන බවය. හමුදාවල විශ්වාසය රුකගත යුතු යැයිද ඔහු කීය.
මේ ආකාරයට ලැබුණ තොරතුරැ නිසා කුහුලට පත් ජනපතිවරයා මෙවර අමාත්‍ය මණ්ඩල හමුවට දින දෙක තුනකට පෙර දුරකතනයෙන් හිටපු නාවික හමුදාපතිවරයකු වන අද්මිරාල් ජනනාත් කොළඹගේ මහතා අමතා තමන් මුණගැසීමට ජනපති නිවසට පැමිණෙන්නැයි කීය. ඒ අනුව අද්මිරාල් ජනනාත් කොළඹගේ මහතා සහ එම මහත්මිය ජනපති නිවසට ගියහ. ඇවන්ගාර්ඩ් සිද්ධියට කූඩුවට දැමූ නාවික හමුදාපතිවරැන් තිදෙනාගෙන් ඔහුද එක් අයෙකි. මේ ගැන සත්‍ය තත්ත්වය කොළඹගේ මහතාට පැහැදිලි කළ ජනාධිපතිවරයා තමන් මේ සිද්ධිය නොදන්නා බවත් කිසිවකුට හිරිහැර කිරීමට හෝ හමුදා හෑල්ලු කරන්නට තමන්ට ඕනෑ නැති බවත් කීය. තමන් මේ ගැන ඉක්මනින් ඉදිරි පියවරක් ගන්නා බැවින් ඒ බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයට දන්වන ලෙසත් ජනපතිවරයා කොළඹගේ මහතාට කියා ඇත. අනතුරැව ඔහුට ජනපතිවරයා රාත්‍රී භෝජනයක්ද පිරිනැමීය.
මේ සතියේ ජනාධිපතිවරයා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී කළ සැර කතාවට පසුබිම වැටුණේ ඒ ආකාරයටය.
ඒ අතර ජනාධිපතිවරයා තවත් විශේෂ තීරණයක්ද ගෙන ඇත. එනම් වත්මන් රජය බලයට පත්වීමෙන් පසු චෝදනාවන්ට ලක්වූ මැති ඇමැතීන්, සෙසු දේශපාලන නායකයන්ට එල්ල වී තිබෙන දූෂණ චෝදනා, මූල්‍ය අක්‍රමිකතා ආදිය ගැන සෙවීමට පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත්කිරීමටයි. ඉතා ඉක්මනින් මෙම කොමිසම ස්ථාපිත කෙරෙනු ඇතැයිද සඳහන් වෙයි. ඒ අතර ඉතා ඉක්මනින් ප්‍රකාශයට පත්කෙරෙතැයි අපේක්ෂා කරන මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළ කෝප් වාර්තාව ප්‍රකාශ වූ සැනින් හිටපු මහ බැංකු අධිපති ගැන ජනපතිවරයා තීන්දුවක් ගනු ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා ද ප්‍රකාශ කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ස්වාධීන කොමිෂන් සභා මූල්‍ය අපරාධ කොට්ඨාසය හා සී.අයි.ඩියේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කරමින් කළ කතාවට සිවිල් සංවිධානවල විරෝධය එල්ල විය. එසේම ජ.වි.පෙ නායක අනුර කුමාර දිසානායක මහතාද සඳහන් කළේ ජනවාරි 08 දා ඡන්දය දුන් ලක්ෂ 62කගේ ජනවරම මෙයින් පාවාදී ඇති බවය. මේ ආකාරයට පරීක්ෂණ ආයතන අධෛර්යමත් කිරීම වරදක් බව ජ.විපෙ මෙන්ම සිවිල් සංවිධාන රුසක ක්‍රියාකාරීහු ප්‍රකාශ කළහ. කෙසේ වෙතත් මෙම පරීක්ෂණයෙන් පසු හටගෙන ඇති දේශපාලන තත්ත්වය ගැන ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡාවකට අගමැතිවරයා සහ සාගල රත්නායක අමාත්‍යවරයා පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ සහභාගි වූහ. එම සාකච්ඡාවේදී කතාබස් කළේ මොනවාද යන්න මාධ්‍යයට හෙළිදරව් වූයේ නැත.
මේ ආකාරයට මත ගැටුම් ඔස්සේ ඉදිරියට යන යහපාලන ආණ්ඩුව ප්‍රකාශ කරන්නේ රටේ ඉදිරි ගමන නිශ්චිත දේශපාලන සහ ආර්ථික ඉලක්ක ඔස්සේ විධිමත් ලෙස සිදුවන බවයි. එහෙත් ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරන්නේ ජාතියේ අනාගතය දිනෙන් දින අඳුර කරා තල්ලු වෙමින් ඇති වගයි. සාමාන්‍යයෙන් දේශපාලන කරළියේ ගිනිකෙළි මෙන්ම මල්වෙඩිද වරින් වර දක්නට ලැබීම ස්වාභාවිකය. එහෙත් මේ යහපාලන රජය බලයට පත්වීමේදී ප්‍රකාශ කළ ආර්ථික පීඩනයෙන් තොර සන්සුන් දේශපාලන වාතාවරණය තවමත් නිර්මාණය වී ඇත්දැයි තවමත් කිව නොහැක. පක්ෂ දෙකක් ආණ්ඩු කරන විට නිතරම ප්‍රතිපත්තිමය ගැටුම් හටගනී. ඒවා එළියට පනී. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ඉන්දියාවට ගොස් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇතිකරගන්නා %එට්කා^ ගිවිසුම මේ වසර නිමාවීමට පෙර අත්සන් කරන බව කියද්දී ශ්‍රී.ල.නි.ප. මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ඩිලාන් පෙරේරා කීවේ ඒ ආකාරයට කියන කියන හැටියට ගිවිසුම් අත්සන් කරන්නට ශ්‍රී.ල.නි.පය එකඟ නොවන බවයි. එසේම අයවැය ලේඛනය සඳහා රජය වෙත ශ්‍රී.ල.නි.පය ලබාදෙන යෝජනා ක්‍රියාත්මක නොකරයි නම් අයවැයට ඡන්දය නොදෙන බවද ඩිලාන් පෙරේරා මීට පෙර ප්‍රකාශ කර තිබිණි. මහින්ද අමරවීර එ.ජ.නි.ස. මහ ලේකම්වරයාද කියා තිබුණේ අයවැයට ශ්‍රී.ල.නි.ප යෝජනා ඉදිරිපත් කරන වගය.
යට කී ලෙස හවුල් ආණ්ඩුවක් ගෙනයන විට මේ ආකාරයේ සංවාද විසංවාද මත ගැටුම් හටගනී. එහෙත් මෙතැන ප්‍රශ්නය වන්නේ මේ ආකාරයේ ඒකමතික අදහස්වලින් තොරවීම නිසා රජයේ තීරණ ක්‍රියාත්මක කරන රාජ්‍ය නිලධාරීන් අන්දමන්ද වී කිසිවක් නොකර සිටීමය. එය දැන් ඉතා අනතුරැදායක ක්‍රියාන්විතයක තත්ත්වයට පත්ව තිබේ. ඇමැතිවරැන්ගේ ඇතැම් නියෝග පවා අමාත්‍යංශවල නිලධාරීන් අතින් පමාවන බව කීම නිවැරදිය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා තායිලන්තය බලා පිටත්ව ගියේ තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වුණ ආසියානු සහයෝගීතා සංවාද සමුළුව ඇමතීම සඳහාය. එරට අගමැති ප්‍රසුත්-චන්-ඕචා මහතා ඇතුළු තායි රජයේ ප්‍රධානීන්ද රටවල් 34 නියෝජිතයෝද සමුළුවට එක්ව සිටිති. ආසියානු රටවල් 10ක රාජ්‍ය නායකයන්ද මේ සම්මේලනය සඳහා බැංකොක් නුවරට රුස්ව සිටීම විශේෂයකි. සමුළුව ආරම්භ වූ පහුගිය සඳුදා දහවල් පැවති සැසිවාරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ සමුළුව අමතා සිය දෙසුම පැවැත්වීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ සතියේ මහා භාණ්ඩාගාරයට විශේෂ නියෝගයක් නිකුත් කළේය. පහුගියදා මන්ත්‍රීන් සඳහා වාහන ආනයනයට හා වාහන කුලියට ගැනීමට රජය තීන්දුවක් ගෙන තිබිණි. එහෙත් අගමැති රනිල් මේ සතියේදී නියෝග කළේ කොස්ගම සාලාව පිපිරීමෙන් විපතට පත් ජනතාවට හා ගංවතුර විපත නිසා හානියට පත් ජනතාවට වන්දි ගෙවා හමාරවෙන තුරැ ඇමැතීන්ට වාහන ආනයනය සඳහා මුදල් ලබානොදෙන බවයි. යහපාලන ප්‍රතිපත්තිය යටතේ රජය ප්‍රමුඛත්වය දිය යුත්තේ ජනතාවගේ අවශ්‍යතා සඳහා පමණක් යැයි ද අග්‍රමාත්‍යවරයා සඳහන් කර ඇත.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සති අන්තයේ කොළොන්නාව සේදවත්ත රජමහා විහාරයේ පුණ්‍යොත්සවයකට සහභාගී විය. විජයවර්ධන වික්‍රමසිංහ පරපුරට උරැමය ඇති සේදවත්ත පන්සලේ පුණ්‍යොත්සවය සංවිධානය කර තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් විසිනි. මෙම උත්සවයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනය හා බුදුදහම ගැන වැදගත් දේශනයක් කළේය. යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී දැන් ව්‍යවස්ථාවෙන් බුදුදහමට හිමි තැන කිසිසේත්ම අහිමි නොකරන බවට නැවත ප්‍රතිඥා දුන් අග්‍රාමාත්‍යවරයා දෙමළ සන්ධානය මෙන්ම කතෝලික සභාවේ රදගුරැ කාදිනල් මැල්කම් රන්ජිත් හිමිපාණන්ද ඊට සහාය පළකර ඇතැයි සඳහන් කළේය. ජනාධිපතිතුමාත් තමුනුත් අණබෙර ගසා බුදු සසුන සුරකින බව කියන්නේ නැතැයි පැවසූ අග්‍රාමාත්‍යතුමා තම රජය කතාවෙන් නොව ක්‍රියාවෙන් බුදු සසුනේ උන්නතිය උදෙසා සේවය කරනා යැයි කියා සිටියේය. බුදුදහම ගැන කයිවාරැ ගහන ඇතැමුන් අද බුදුදහම නැති කරමින් සිටින්නේ යැයිද හෙතෙම සඳහන් කළේය. ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතාද මෙහිදී අදහස් පළ කළේය.
ජන සමාජය ඉතා සුළු කරැණකදී පවා කෝප වී ඇණ කොටා ගැනීම්, ඝාතන සිදුකිරීම්වලට පෙළඹීම ඛේදයට කරැණක් යැයි ප්‍රකාශ කළ මන්ත්‍රීවරයා අටලෝදහමින් මනුෂ්‍යයාට උගන්වන්නේ කම්පා නොවී ජීවත්වන ආකාරය යැයි ද කීය. ජනතාවගේ සීල, සමාධි හා ප්‍රඥා ගුණ වගාවට පන්සල දියුණු කළ යුතු වග මතක් කළ මන්ත්‍රී මරික්කාර් මහතා ප‍්‍රදේශයේ ආගමික ස්ථානවල දියුණුවට අගමැතිතුමාගෙන් විශේෂ අනුග්‍රහයක් ලැබෙතැයිද විශේෂයෙන් ප්‍රකාශ කළේය.
ඒකාබද්ධ වික්ෂයේ සංවිධානයෙන් ගිය සතියේ සෙනසුරාදා රත්නපුරයේ පැවැති මහජන රුළිය ඉතාමත් ආන්දෝලනාත්මක පුවත් මැවූ අවස්ථාවක් විය. හිටපු ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සංවිධානය කළ මෙම ජනහමුවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීන් පනහකට ආසන්න ගණනක් පැමිණ සිටියෝය. මහින්ද රාජපක්ෂ මහතා රුස්වීමට පෙරදා රත්නපුරයට ගොස් ප්‍රදේශයේ තේවතු යායක නැවතී සිටියේය. රුස්වීමේ සංවිධාන කටයුතු ගැන පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට උපදෙස් ලබා දුන්නේය. සෙනසුරාදා දහවල් වනවිට රත්නපුරයෙන් පමණක් නොව ඒ ආසන්න සෙසු ප්‍රදේශවලිනුත් රත්නපුරයට විශාල සේනාවක් ඇදී ආවේය. ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් මුලින්ම රුස්වීම ඇමතූ අතර බොහෝ කථිකයන්ගේ මාතෘකාව වී තිබුණේ රත්නපුර රුළියට වෙන්කළ ක්‍රීඩාංගණය පවා ලබා නොදී ආණ්ඩුව හිරිහැර කළ බවයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම ජන රුලියේදී සැර කතාවක් කළේය. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීන් ගණනාවක් රජයට එකතු වන බව සමහරැ ප්‍රකාශ කළත් තම පර්ෂවයේ කිසිවකු ආණ්ඩුවට එක්නොවන බව මහින්ද අවධාරණය කළේය. ගිලෙන නැව්වලට කිසිවකු ගොඩ නොවන්නේ යැයි සඳහන් කළ රාජපක්ෂ මහතා රජය නැමැති ගිලෙන නැවෙන් තමන් ළඟට පිරිස් පැමිණෙමින් සිටින්නේ යැයි ද කීය. අත්අඩංගුවට ගැනීම්, ඔත්තු බැලීම් දිගින් දිගටම සිදුකරමින් විපක්ෂය බියට පත් කරන්නට රජය පියවර ගන්නා බව ඔහු පැවසීය. මේ ආණ්ඩුව පළවා හැර නව රජයක් පිහිටුවීමට අවුරැදු තුන හතර බලා සිටිය යුතු නැති බව මතක් කළ රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි මාරැකිරීම තමන්ට මහ කජ්ජක් නොවන්නේ යැයිද පැවසීය. තමන් හැංගි හැංගී.. ගේම් ගසනකු නොවන බව කී හිටපු ජනපතිවරයා ගහන ගේම් සියල්ල ගහන්නේ එළිපිටම යැයිද කීය.
පසුගියදා ඇහැලියගොඩ ශ්‍රී.ල.නි.ප. ආසන සංවිධායක පදවිය අහෝසි කළ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙහිදී කියා සිටියේ තමන්ගේ සංවිධාන පදවිය අහෝසි කරමින් කළ අකටයුත්තට මෙම මහජන රුළියට පැමිණි ජනතාව හොඳ අභියෝගයක් බවය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩගන්නට නම් පක්ෂයේ නායකත්වය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ලැබිය යුතු යැයිද ඇය කීවාය.
මෙම මහජන රුලියේදී පැමිණ සිටි ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීන් අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා විවේචනය කළත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අමාත්‍ය සෙනවිරත්න මහතාට කිසිදු චෝදනාවක් කළේ නැත. රුස්වීමේ සිටි ජනතාව ජෝන් ජෝන් යැයි කෑගසමින් මහින්ද රාජපක්ෂ මහතා කතා කරන අවස්ථාවේ යම් යම් දේ කියන විට හිටපු ජනාධිපතිවරයා කිවේ &ඒ මහත්තය ගැන බය වෙන්න එපා, එයාලත් ළඟදීම මේ පැත්තට ඒවි* කියාය. එවිට ජනතාව ඔල්වරසන් දුන්නෝය. පසුගියදා දේශය පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වූ මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතාද දැඩි ලෙස ප්‍රකාශ කළේ තමන් ජෝන් සෙනවිරත්න මහතා මුණගැසුණ බවත් ඔහු වැඩි කලක් මේ ආණ්ඩුව ඇමැති පදවියක් දරන්නේ නැති බවත්ය. මේ සියලු කතාබහවලින් ගම්‍ය වන්නේ ජොන් සෙනෙවිරත්න මහතා ඒකාබද්ධ විපක්ෂය දෙසට තල්ලුවෙමින් සිටින බවදැයි දේශපාලන විචාරකයෝ ප්‍රශ්න කරති.
ඒ අතර අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ද රජයේ සිටින සමහර ප්‍රබල චරිත වටා වංචා දූෂණ චෝදනා එල්ල වී ඇති බැවින් ඔවුන්ට එරෙහිව පියවර නොගතහොත් තමන්ද ස්වාධීන මන්ත්‍රීවරයකු වන බව ප්‍රකාශ කළේය. දයාසිරි එම ප්‍රකාශයෙන් පසු ආණ්ඩුවේ ප්‍රබලයන් මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් දෙතුන් දෙනකුද දයාසිරි සමඟ සාකච්ඡා කළ බව දැනගන්නට ඇත. ඒ අතර එජාපයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමක්ද තමන්ට බලපාන ප්‍රශ්නවලට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සවන් දෙන්නේ නැතැයි කියමින් මැතිසබා ලොබියේදී මැසිවිලි නැගූ බව වාර්තා වෙයි.
පසුගියදා අමෙරිකාවේ වොෂින්ටන් නගරයේ පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රුස්වීම සඳහා සහභාගි වීමට එහි ගිය මුදල් අමාත්‍ය රවි කරැණානායක මහතා සතුටින් ආපසු පැමිණියේය. තමන්ට අමෙරිකාවේදී මූල්‍ය අරමුදලේ ප්‍රධානීන්ගෙන් යහපත් ප්‍රතිචාර හිමිවූ බව ඔහු කොළඹදී කීය. ඉදිරි ණය වැඩසටහන අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා මූල්‍ය අරමුදල පෙරොන්දු වීම සතුටට කරැණක් යැයි මුදල් අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ අතර වසර 5ක සංවර්ධන කටයුතු සඳහා ජපාන රජය රැපියල් කෝටි 4662 දිගුකාලීන ණයක් ප්‍රදානය කළේය. මෙම අරමුදලේ උතුරැමැද පළාත් ජල ව්‍යාපෘතිය, වකුගඩු රෝග නිවාරණ කටයුතු සඳහා උපයෝගී කරගත යුතු බවට ජපානය දැනුම් දී ඇත. මහ බැංකු බැඳුම්කර සිද්ධිය ගැන පමාවූ කෝප් වාර්තාව (පාර්ලිමේන්තුවේ පොදු ව්‍යවහාර කාරක සභාවේ වාර්තාව) ලබන සතියේ මැතිසබයට ඉදිරිපත් කරන බව එහි සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කර ඇත. මෙම කෝප් වාර්තාව සම්බන්ධව ආන්දෝලනාත්මක තත්ත්වයක් හටගෙන ඇත. එය කෝප් සභාවේ මන්ත්‍රීන් බෙදී සකස් කළ එකක් බවට මාධ්‍ය වාර්තා කළේය. සාමාජික මන්ත්‍රීන් ගණනාවක් බැඳුම්කර ගනුදෙනුවට හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් වැරදිකරැ යැයි තීන්දු කර ඇතැයි කියැවේ. තවත් මන්ත්‍රී පිරිසක් මෙම ගනුදෙනුවට අර්ජුන මහේන්ද්‍රන් වගකිව යුතු නැතැයි සඳහන් කර ඇති බවද දැනගන්නට ඇත. කෙසේ හෝ වාර්තාව මැතිසබයේ සභාගත කළ පසු ඒ ගැන ඒකාබද්ධ විපක්ෂය මගින් විවාදයක් ලබාගන්නා බවත් එහි සඳහන් වන චූදිතයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කරයි.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සිකුරාදා බෙල්ජියමේ බ්‍රසල්ස් නගරය බලා පිටත් විය. අගමැතිවරයා සමඟ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරැන් පිරිසක් ද වූහ. මෙම සංචාරයේදී ශ්‍රී ලංකාවට නැවත ජී.එස්.පී. ප්ලස් සහනය ලබාගැනීම ඇතුළු ආර්ථිකමය සහන ලබාගැනීමටත් යුරෝපයෙන් නව ආයෝජන ඉල්ලා සිටීමටත් අගමැතිවරයා අපේක්ෂා කරන බව වාර්තා වෙයි.
ප්‍රකාශ් ඉරැගල් බණ්ඩාර